වර්තමාන ඩිජිටල් ලෝකය තුළ දරුවන් වෙන කවරදාටත් වඩා වැඩි කාලයක් තාක්ෂණික උපාංග සමඟ ගත කරයි. මෙම උපාංග මගින් බොහෝ අධ්‍යාපනික සහ විනෝදාත්මක කටයුතු සිදුකල හැකි නමුත් දිගු තිර කාලය ළමුන් තුළ දෘශ්‍ය රෝග ලක්ෂණ ගණනාවක් ඇති කිරීමට හේතු විය හැක. මෙම බ්ලොග් සටහනෙහි, අපි පරිගණක උපාංග අධික ලෙස භාවිතා කිරීම නිසා ඇති වන පොදු දෘශ්‍ය රෝග ලක්ෂණ ගවේෂණය කරමු. එමෙන්ම අන්තර්ජාලය පරිශ්‍රීලනය කරන දරුවන්ගේ අක්ෂි සෞඛ්‍යය සහතික කිරීම සදහා දෙමාපියන්ට සහ භාරකරුවන්ට වැදගත්වන උපදෙස් අප මෙමගින් ලබාදෙන්නෙමු.
1. ඩිජිටල් අක්ෂි වික්‍රියාව
දිගු තිර කාලය හා සම්බන්ධ වඩාත් ප්‍රචලිත දෘශ්‍ය රෝග ලක්ෂණ වලින් එකක් වන්නේ ඩිජිටල් අක්ෂි වික්රියාවයි. එය බොහෝ විට ඇස්වල අපහසුතාව, තෙහෙට්ටුව සහ හිසරදය ලෙස විදහා දක්වයි. දිගු උපාංග භාවිතයකින් පසු දරුවන්ට ඇස්වල දැවීමක්, වියලි බවක් හෝ ඇස්වල අධික ලෙස කඳුළු වෑහීමක් අත්විඳිය හැකිය.
2. දර්ශන බොඳවීම
දිගු වේලාවක් තිර දෙස බැලීමෙන් පෙනීම තාවකාලිකව බොඳ විය හැකි අතර, ටික වේලාවක් පරිගනක උපාංග භාවිතා කිරීමෙන් පසු දුරස්ථ වස්තූන් වෙත අවධානය යොමු කිරීමට දරුවන්ට අපහසු වේ.
3. ඇස්වල ඇතිවන තෙහෙට්ටුව
විශේෂයෙන් දරුවන් දීර්ගකාලීනව පරිගනක ක්‍රීඩාවල හෝ මාර්ගගත ඉගෙනුම්වල යෙදෙන්නේ නම්, ඔවුන් වෙහෙසකර හෝ ඇස් රිදෙන බවට පැමිණිලි කළ හැකිය. මෙම අක්ෂි තෙහෙට්ටුව ඔවුන්ගේ අවධානය යොමු කිරීමට සහ වෙනත් ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට ඇති හැකියාව කෙරෙහි බලපායි.
4. නිල් පැහැති ආලෝකයට නිරාවරණය වීම
පරිගනක තිර වලින් නිකුත් වන නිල් පැහැති ආලෝකය මෙලටොනින් නිෂ්පාදනය අඩාල කිරීමෙන් නින්දේ රටාවන් කඩාකප්පල් කළ හැකිය. මෙය නින්දට බාධා කරමින් සිරුරේ තෙහෙට්ටුව ඇති කිරීමට හේතු විය හැකි අතර එය දරුවාගේ සමස්ත යහපැවැත්මට අහිතකර ලෙස බලපායි.
5. මයෝපියාව (අවිදූර දෘෂ්ටිකත්වය )
ඇතැම් අධ්‍යයන මගින් තහවුරු වනුයේ අධික තිර කාලය සහ ළමුන් තුළ මයෝපියාව ඇතිවීමේ අවදානම අතර විභව සම්බන්ධයක් ඇති බවයි. නමුත් මෙයට නිශ්චිත හේතුවක් තවම වටහාගෙන නොමැති අතර, එය සීමා සහිත ලෙස පරිගනක භාවිත කිරීමේ සහ එළිමහන් ක්රියාකාරකමවල නිරතවීමේ වැදගත්කම ඉස්මතු කරයි.
දෘශ්‍ය රෝග ලක්ෂණ වැළැක්වීම සඳහා උපදෙස්:
- පරිගනක තිර කාලය සීමා කරන්න: පරිගනක තිර භාවිතය සඳහා ප්‍රමාණවත් කාල සීමාවන් සකසමින් සහ ඇස් විවේක ගැන්වීම සඳහා සෑම විනාඩි 20-30 කට වරක් විවේක ගැනීමට දිරිමත් කරන්න.
- 20-20-20 රීතිය අනුගමනය කරන්න: සෑම විනාඩි 20කට වරක් අඩි 20ක් දුරින් ඇති යමක් දෙස තත්පර 20 ක් බලාසිටිමින් ඇස් වලට විවේකයක් ලබාදීමට දරුවන් දිරිමත් කරන්න.
- තිර සැකසීම් ස්ථාපනය කරන්න: පරිගනක තිරයේ දීප්තිය අඩු කිරීම සදහා නිල් ආලෝක පෙරහන් භාවිතා කරන්න, මෙය දරුවන්ගේ ඇස්වල වෙහෙස අඩු කිරීමට බොහෝ සෙයින් උපකාරී වේ.
- නිසි ආලෝකකරණය: කාමරයේ ප්‍රමාණවත් ආලෝකයක් ඇති බවටත්, අවට පරිසරයට සාපේක්ෂව පරිගනක තිර ඉතා දීප්තිමත් නොවන බවටත් සහතික වන්න.
- අක්ෂි පරීක්ෂණ: ඔබේ දරුවාට ඇස් පෙනීමේ ගැටළු ඇත්නම් කලින් හඳුනා ගැනීමට සහ ඒවාට පිළියම් යෙදීම සඳහා නිතිපතා අක්ෂි පරීක්ෂණ සිදුකරන්න.